Microsoft සමාගමේ ජංගම දුරකථන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන “Mango” මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකථනය පසුගිය දා ටෝකියෝ නගරයේදී එලි දැක්වුනා.
Windows Phone 7 සංස්කරනයට පසුව ප්‍රකාශයට පත්කල මෙම මෙහෙයුම් පද්ධතිය Windows Phone 7.5 ලෙසද හැඳින්වෙනවා. මෙම නවතම සංස්කරණයට 500ක් පමණ වැඩි දියුණුකිරීම් ඇතුලත් බවයි නිෂ්පාදකයින් පවසන්නේ. දැනට ජපානයේදී පමණක් මෙම දුරකථනය මිලදී ගත හැකි වුවත් නුදුරේදීම ලොව පුරා බෙදාහැරීමට නියමිත යි.
ජපන් පාරිභෝගිකයින් සඳහා නිකුත් කර ඇති මෙම IS12T ජංගම දුරකථනය අඟල් 3.7 ක ස්පර්ශ සංවේදී තිරයකින් ද, 13.2 megapixel කැමරාවකින් ද සමන්විත මෙම දුරකථනය ජලයට ප්‍රතිරෝධි ලෙස නිපදවා ඇත
0 comments