ඡායාරූපය- ආපිලයිට් විදුලි බුබුලූ සඳහා තරු පහේ ප්‍රමිති සහතිකය පිරි නැමූ අවස්ථාව - (වමේ සිට දකුණට)රෝහණ නීලගොල්ල මහතා (රිචඞ් පීරිස් ඩිස්ටී්රබියුටර්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු-ආපිලයිට්), ශාන්ත කුලරත්න මහතා (රිචඞ් පීරිස් ඩිස්ටී්රබියුටර්ස් සමාගමේ බෙදාහැරීම් අධ්යක්ෂ), ආචාර්ය, ලලිත් එන්. සෙනවීර මහතා (අධ්යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී (ශී‍්‍ර ලංකා ප්‍රමිති ආයතනය)
ශී‍්‍ර ලංකාවේ වැඩිම තරු 5 සහතික ලද CFL විදුලි බුබුලූ නිපඳවන"ආපිකෝ ආපිලයිට්"මෙරට පළමු නැනෝ තාක්ෂණයෙන් නිපඳවන වායු පවිත්රකාරක CFL විදුලි බුබුල (Air Purification CFL Bulb)දැන් වෙළඳපොළ ට හඳුන්වා දී තිබේ. රිචඞ් පීරිස් ඩිස්ටි්රබියුටර්ස් සමාගම විසින් ශී‍්‍ර ලංකාවට හදුන්වා දුන් මෙම අනගි හා නවතම නිෂ්පාදනයේ සුවිශේෂත්වය වන්නේ, එමගින් විදුලි බුබුල දැල්වෙන පරිසරයේ විෂබීජ හා බැක්ටීරියාවන් විනාශකිරීම, වාතයේ වූ විෂසහිත හා දූෂිතබව විනාශකිරීම, අප්‍රසන්න දුගඳ දුරුකිරීම, වාතාශ්රයේ ගුණාත්මකබව හා සෞඛ්යාරක්ෂීතබව වර්ධනයකිරීම ය.
දුමාරය හා අපවිත්‍ර වාතය නිතර නැගෙන මුළුතැන්ගෙය, බිත්ති මත දිළීර සෑදෙන නිවාස, ආපනශාලා, වැඩිපිරිසක් රැදෙන කර්මාන්තශාලා, රෝහල්, රසායනාගාර, මාවත් අද්දර පිහිටි සාප්පු, අවම ඉඩකඩක් හිමි ව්‍යාපාරික ස්ථාන ආදී වායු දූෂණයකට ලක්වන ස්ථාන සඳහා මෙම නවතම"ආපිකෝ ආපිලයිට්"වායු පවිත්රකාරක CFL විදුලි බුබුල භාවිතාකිරීම බොහෝ ඵලදායි වේ.
"ආපිලයිට්"මගින් මුල්වරට හදුන්වා දුන් මෙම"වායු පවිත්රකාරක CFL විදුලි බුබුල(Air Purification CFL Bulb) මත තැවරූ ටයිටේනියම් ඩයොක්සයිඞ් නැනෝ ස්ථරය හේතුවෙන් බල්බය දැල්වෙද්දී, නැනෝ පොටෝකැටලිස්ට්(Photocatalist) තාක්ෂණය කි‍්‍රයාත්මකවන අතර, එමගින් වායු පවිත්රකාරක කි‍්‍රයාවලියක් මෙහි සිදු වේ.
තවද, මෙම"ආපිකෝ ආපිලයිට්"වායු පවිත්රකාරක CFL බල්බය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම 2011 වසර,"ජාත්‍යන්තර රසායන විද්‍යා වසර"ලෙසින් නම්කිරීමට සමගාමී ව පසුගිය ජනවාරීයේදී"රසායන විද්‍යාව - අපේ ජීවිතය, අපේ අනාගතය"තේමාව පෙරදැරි කරගෙන කොළඹදී පැවති CHEMEX -2011 ප්‍රදර්ශනයේදී පවතින තාක්ෂණයෙන් නව වෙළඳභාණ්ඩයක් හදුන්වාදීම වෙනුවෙන් සම්මානයට ද පාත්‍ර වූවකි.
වඩාත් පරිසර හිතකාමී වූ මෙම"වායු පවිත්රකාරක CFL විදුලි බුබුල මගින් ගෝලීය උණූසුම්වීම ට එරෙහි ව කටයුතු කරන්නක්වන අතර, ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය(Sri Lanka Sustainable Energy Authority)විසින් තරු 5ක් හිමි විදුලි බුබුලක් ලෙසින් සහතික කර තිබීමෙන් එය 80%කට වඩා විදුලි පිරිමැස්මක් සිදු කෙරේ. එයට අමතරව පැය 8000ක ආයු කාලයක් සහතික කෙරෙන මෙම"වායු පවිත්රකාරක CFL විදුලි බුබුල"වොට් ප්‍රමාණයෙන් (w) 14 හා 18 සේම, දඟර හා යූ හැඩයෙන් ද ලබාගත හැක.
"දැනට ශී‍්‍ර ලංකා වෙළඳපොළේ අලෙවි කෙරෙන CFL විදුලි බුබුලූ අතුරෙන් තරු පහේ විදුලි බල්බ ලෙසින් ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහතික කළ වැඩිම විදුලි බුබුලූ සංඛ්‍යාවක් හිමිවන්නේ, අපේ"ආපිලයිට්"CFL විදුලි බුබුලූවලටයි. ඒ නිසා වසර 80කට වැඩි ගෞරවනීය ඉතිහාසයක් හිමි හා වගකීමෙන් කටයුතු කරන සමාගම් පුරවැසියෙකු ලෙසින් රිචඞ් පීරිස් සමාගම නිපඳවන CFL විදුලි බුබුලූ කෙරෙහි පාරිභෝගිකයන් ට වැඩි විශ්වාසයක් තැබිය හැකිබව කාටත් පැහැදිලි වන්නක්. එමෙන්ම අපේ නවතම හදුන්වාදීම වන මෙම"වායු පවිත්රකාරක CFL විදුලි බුබුල’ මෙරටට අලුත් අත්දැකීමක්වන්නා සේම, යුගයේ අවශ්‍යතාවක් සපුරාලීමක්. තවද වැඩි ආයු කාලයක් හිමි මෙම CFL විදුලි බුබුල වර්තමානයේ අප ජීවත්වන දූෂිත පරිසරයෙන් මිදී ආරක්ෂාකාරී හා නිරෝගීවීමටත් ප්‍රබල සහයෝගයක් දක්වන්නක්" අලුතෙන් වෙළඳපොළට හදුන්වා දුන් ආපිලයිට්"වායු පවිත්රකාරක CFL විදුලි බුබුලෙහි විශිෂ්ට ගුණාංග පැහැදිලි කරමින් රිචඞ් පීරිස් ඩිස්ටී්රබියුටර්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු, රෝහණ නීලගොල්ල මහතා පැවසීය.
http://www.adaderana.lk/sinhala/news.php?nid=17779

0 comments